මත්ද්‍රව්‍ය ජාවාරම් කළ නයිජීරියානු ජාතිකයෙකුට මරණ දඬුවම

ජූලි 03, 2020

    කොකේන් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු වූ නයිජිරියානු ජාතිකයෙකුට කොළඹ මහාධිකරණය අද මරණ දඬුවම නියම කළේය.

    කොකේන් ග්‍රෑම් 774 ක් සන්තකයේ තබාගෙන ජාවාරම් කිරීම සම්බන්ධයෙන් මොහුට එරෙහිව අධිචෝදනා නගා තිබිණ.

    අදාළ චෝදනා 2ට ඔහු වරදකරු බව නිගමනය කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතා ඔහුට මරණ දඬුවම නියම කළේය.

    2016 වසරේ ඔක්තෝබර් 04 වන දින රත්මලාන ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් මෙම ජාවාරම්කරු අත්අඩංගුවට ගෙන තිබිණ.

    Latest News