මුව ආවරණ පැළද නොසිටි 22ක් ස්වයං නිරෝධායනයට

ජූලි 03, 2020

    බස්නාහිර පළාතේ මුව ආවරණ පැළද නොසිටි තවත් පුද්ගලයන් විසි දෙදෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකර තිබෙනවා.

    මුව ආවරණ නොපළදින පුද්ගලයන් සොයා අදත් (03) බස්නාහිර පළාතේ මෙහෙයුම් සිදුකරන බවයි, පොලීසිය පවසන්නේ.

    මේ අතර ඊයේ (02) උදෑසන හයේ සිට අද (03) අලුයම පහ දක්වා කාලය තුළ බස්නාහිර පළාතේ සිදුකළ වැටලීම් වලින් පුද්ගලයින් 429 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    මත්කුඩු ළඟ තබාගෙන සිටි පුද්ගලයන් 195 දෙනෙකු ඊට ඇතුලත්.

    ගංජා සමඟ 97 දෙනෙකු සහ නීතිවිරෝධී මත්පැන් සමඟ 116 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි, පොලීසිය පවසන්නේ.

    Latest News