වසරේ පළමු කැබිනට් රැස්වීම අද

ජන 02, 2019

    නව වසරේ ප්‍රථම අමාත්‍ය මණ්ඩල හමුව අද (02) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

    රනිල් වික‍්‍රමසිංහ මහතා යළි අග‍්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු ඉකුත් 20 වැනිදා නව අමාත්‍ය මණ්ඩලය පත් කෙරුණා. එදිනම කෙටි කැබිනට් රැස්වීමක් පැවැත්වුණු අතර එහි දී සිදු කෙරුණේ අතුරු සම්මත ගිණුමට අනුමැතිය ලබා ගැනීම පමණයි. 

    ඒ වනවිට අමාත්‍යවරුන්ගේ විෂය පථයන් ගැසට් කර නොතිබුණි. ඒ අනුව විෂය පථයන් ගැසට් කිරීමෙන් පසුව පැවැත්වෙන පළමු කැබිනට් රැස්වීම මෙයයි. 

    Latest News