පිටිපන නිවසක අත්බෝම්බ 7ක් හා ගිනි අවි

ජූලි 01, 2020

    හෝමාගම පිටිපන ප්‍රදේශයේදී තවත් අවි ආයුධ සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    රාජ්‍ය බුද්ධි අංශ සේවා නිලධාරීන් විසින් ලබාදෙන ලද තොරතුරකට අනුව අද(01) දින හෝමාගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් හෝමාගම පිටිපන පිහිටි මෙම නිවස පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

    එම නිවසේ රහස් කුටියක තිබී වෙඩි නොවදින ඇඳුම් කට්ටල 2ක්, රිපීටර් ෂොට්ගන්ක් 1ක්, එම සජීව උණ්ඩ 4ක්, අත්බෝම්බ 7ක් සහ හඳුනානොගත් උන්ඩ 4ක් එහිදී සොයාගෙන ඇත.

    සිද්ධිය සම්බන්ධයෙන් එම නිවසේ කාන්තාව අත්අඩංගුවට ගෙන හෝමාගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන පවත්වයි.

    පසුගිය 29 වැනි දින සෝදිසි මෙහෙයුමකදී අවි ආයුධ සොයාගත් පිටිපන නගරයේ පිහිටි පෞද්ගලික සමාගමකට අයත් තට්ටු පහක ගොඩනැගිල්ලේ අයිතිකරු අද (01) අත්අඩංගුවට ගත් එම කාන්තාව සමඟ අනියම් සබඳතා පැවැත්වූ බවටයි හෙළිව ඇත්තේ.

    Latest News