වේදිකා හා රංගශාලා ජුලි 15 සිට විවෘතයි

ජූලි 01, 2020

    වේදිකා නාට්‍ය හා වෙනත් ප්‍රසංග සඳහා රංග ශාලා විවෘත කිරීම සම්බන්ධව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

    ඒ අනූව සීමාවන්වලට යටත්ව ජුලි 15වැනි දින රංගශාලා නැවත විවෘත කළ හැකියි.
    වේදිකා නාට්‍ය ප්‍රදර්ශනය හා වෙනත් ප්‍රසංග සඳහා රංග ශාලාවන්හි ආසන ධාරිතාව 50%ක් සඳහා වන ප්‍රේක්ෂකයින් සංඛ්‍යාවක් පමණක් එක් දර්ශන වාරයකට සහභාගී කර ගත යුතුයි.

    Last modified on බදාදා, 01 ජූලි 2020 17:39

    Latest News