ඊ - ඉඩම් ලියාපදිංචිය කඩිනම් කරන්න - ජනපති

ජූලි 01, 2020

    ඉඩම් ලියපදිංචියේ දී සිදුවන වංචා නතර කිරීම සහ ලියාපදිංචි ක්‍රමවේදය වේගවත් කිරීම සඳහා ඊ-ඉඩම් ලියාපදිංචි ක්‍රමවේදය, කඩිනම් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

    ඒ සම්බන්ධයෙන් පවතින ගැටළු නිරාකරණය සඳහා ඉඩම් ලියාපදිංචියට අදාළ ආයතන අතර ඒකාබද්ධතාවය අවශ්‍යතාව ද ජනාධිපතිතුමා අවධාරණය කරයි.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ බව කියා සිටියේ, ඊ-ඉඩම් ලියාපදිංචිය සම්බන්ධ වැඩසටහන පිළිබඳව ජනාධිපති කාර්යාලයේ ඊයේ පැවති හමුවකදී. වංචනික ඉඩම් ලියාපදිංචිය සහ ප්‍රමාදය හේතුවෙන් ජනතාව ගැටලු රැසකට මුහුණපා සිටියි. ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව, ඉඩම් නිරවුල් කිරීමේ ආයතනය, මිනින්දෝරු දෙපාර්තමේන්තුව හා රෙජිස්ටාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව ඒකාබද්ධව ඊ-ඉඩම් ලියාපදිංචි වැඩසටහන වේගවත් කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

    එතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේ, වනජීවී, වනසංරක්ෂණ සහ පරිසර යන අමාත්‍යාංශ ද ඒකාබද්ධව කමිටුවක් පත් කර වැඩසටහන කඩිනම් කරන ලෙසයි. ඊ-ඉඩම් ලියාපදිංචි හෙවත් විද්‍යුත් ලියාපදිංචිය යටතේ ඔප්පුව,පත්ඉරුව,ආදිය පරිගණක ගත කෙරේ.

    Latest News