රැඳවියන් බැලීමට අද සිට නැවතත් අවස්ථාව

ජූලි 01, 2020

    බන්ධනාගාර රැඳවියන් බැලීමට අද(01) සිට යළි අවස්ථාව ලබා දෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

    බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසුවේ සතියකට එක් වරක් එක් අයෙකුට පමණක් ඒ සඳහා අවස්ථාව ලබා දෙන බවයි.

    එම පුද්ගලයා ද බන්ධනාගාර ගත රැඳවියාගේ ළඟම ඥාතියෙකු විය යුතු බව ද ඔහු සඳහන් කරයි.

    කෙසේ වෙතත් නිරෝධායනයට ලක් කර ඇති රැඳවියන් දින 21 ක් යන තෙක් හමුවිය නොහැක.

    පිටතින් රැගෙන එන ආහාර පාන රැඳවියන්ට ලබාදීම තවදුරටත් තහනම්.

    සනීපාරක්ෂක ද්‍රව්‍ය පමණක් ලබා දීමට අවස්ථාව සළසා ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

    Latest News