"ඩියුටි ෆ්‍රී" භාණ්ඩ මිලදී ගන්න යලිත් අවස්ථාවක්

ජූලි 01, 2020

    කොරෝනා වසංගත රෝග තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විවිධ රටවල රැදී සිට මෙරටට ගෙන්වා ගත් ශ්‍රී ලාංකිකයන්ට ඔවුන්ට හිමි තීරු බදු රහිත භාණ්ඩ මිලදී ගැනීමේ අවස්ථාව අහිමි වී පැවති බවත් එහෙත් ඔවුන්ට එම අවස්ථාව යළි උදාකර දෙන බවත් සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි ප්‍රකාශ කර සිටිනවා.

    විවිධ රටවල රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 13,000 ක තරම් ප්‍රමාණයක් මෙරටට ගෙන්වා ගැනීමට රජය කටයුතු කර ඇති බවත්, ඒ වනවිට පැවති තත්වයන් යටතේ ඔවුන්ට තීරුබදු රහිතව භාණ්ඩ මිලදී ගැනීමේ අවස්ථාව අහිමිවී ගොස් තිබූ බවයි, සභාපතිවරයා කියා සිටියේ.

    දිනකට 100 බැගින් මේ ආකාරයට ශ්‍රී ලංකාවට පැමිණි ශ්‍රී ලාංකික ගුවන් මගීන් කැදවා ගුවන් තොටුපළ තීරු බදු රහිත සාප්පු සංසංකීර්ණයෙන් භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව ඔවුන්ට උදාකර දෙන බව ද සභාපතිවරයා සඳහන් කර සිටියේ.

     

    Latest News