කුමාර සංගක්කාර පොලිස් විමර්ශන ඒකකයට කැඳවයි

ජූලි 01, 2020

    2011 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ කුමාර් සංගක්කාර ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ "කී‍්‍රඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකය" වෙත හෙට (02) කැඳවා තිබේ.

    ඒ 2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරඟයේදී තරඟ පාවාදීමක් සිදුවූ බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ චෝදනාවට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීමටය.

    ඔහු ඒ සඳහා හෙට උදෑසන 9.00ට එම ඒකකයට කැඳවා ඇති බව වාර්තා වේ.

    මේ අතර, උපුල් තරංග අද උදෑසන 10.15ට "කී‍්‍රඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකය" වෙත පැමිණ පැය 2 1/2 ක පමණ කාලයක් ප්‍රකාශයක් ලබා දී තිබේ.

    හිටපු ක්‍රිකට් නායක සහ හිටපු තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා ඊයේ (30) පස්වරුවේ එම ඒකකයට ගොස් පැය 5කට අධික කාලයක ප්‍රකාශයක් ලබාදී තිබුණි.

    2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පාවාදුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පසුගියදා කළ චෝදනාව ආන්දෝලනයට තුඩු දුන් අතර කී‍්‍රඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකය ඒ සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශයක්ද සටහන් කර ගෙන තිබුණි.

    Latest News