තරග පාවාදීමේ චෝදනාවකට ප්‍රකාශයක් දීමට තරග පැමිණෙයි

ජූලි 01, 2020

    2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය පාවාදුන් බවට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සදහා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග අද ක්‍රීඩා සම්බන්ධ වැරදි සෙවීම සඳහා ස්ථාපනය කර ඇති විශේෂ පොලිස් විමර්ශන ඒකකයට කැඳවා තිබිණ.

    චෝදනාවට අදාළව පළමු ප්‍රකාශය ලබා දුන්නේ, 2011 වසරේ ජාතික තේරීම් කමිටු සභාපතිවරයා ලෙස කටයුතු කළ අරවින්ද ද සිල්වා මහතායි.

    ක්‍රීඩා සම්බන්ධ වැරදි සෙවීමේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය කොළඹ සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ ස්ථාපනය කර තිබේ. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් ෆොන්සේකා මහතා ඇතුළු විමර්ශන කමිටුව මගින් අදාළ පාර්ශවයන්ගෙන් සාක්ෂි සටහන් කරගනු ලැබීය. උපුල් තරංග ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණියේ අද උදේ 9.00ට පමණ. හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ චෝදනාව සම්බන්ධයෙන් පළමු ප්‍රකාශය ලබා දීම සඳහා ක්‍රිකට් තේරීම් කමිටු හිටපු සභාපති අරවින්ද ද සිල්වා මහතා ඊයේ පස්වරු 2.00ට පමණ විශේෂ පොලිස් විමර්ශන ඒකකයට පැමිණියේය. එහිදී, ඔහුගෙන් පැය 6ක් පමණ කාලයක් ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ.

    2019 අංක 24 දරන ක්‍රීඩාකවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත අනූව ශ්‍රී ලාංකිකයෙකු විදෙස් රටක දී කළ වරදකට පවා දඩුවම් ලබා දිය හැකි බව, ක්‍රීඩා සම්බන්ධ වැරදි සෙවීමේ විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් ෆොන්සේකා මහතා පවසයි.

    Last modified on බදාදා, 01 ජූලි 2020 12:12

    Latest News