කිරි පරිභෝජන සීමාව ඉක්මවා ඇති ශ්‍රී ලංකාව

ජූලි 01, 2020

    ප්‍රමාණය ඉක්මවා ශ්‍රී ලාංකිකයින් දියර කිරි පරිභෝජනය කරන බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

    රජයේ පශූ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිනී වෛද්‍ය හේමමාලී කොතලාවල පැවැසුවේ ලීටර් මිලියන 1250ක් වාර්ෂිකව පරිභෝජනය කරන බවයි.

    2019 වසරේදී දේශීය දියර කිරි නිෂ්පාදනය ලීටර් මිලියන 422 ක්.

    වෛද්‍ය පර්‌යේෂණායතනයට අනුව ඒක පුද්ගල දෛනික දියර කිරි පරිභෝජනය මිලි ලීටර් 100කි. ඒ අනුව දේශීය වාර්ෂික දියර කිරි අවශ්‍යතාවය ලීටර් මිලියන 750 කි.

    පවතින දත්ත වලට අනුව වාර්ෂිකව දියර කිරි ලීටර් මිලියන 500ක් වැඩියෙන් පරිභෝජනය කරන බවට හෙළිවී තිබේ.

     

     

    Latest News