පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ හිටපු SI වරයෙක් අත්අඩංගුවට

ජූනි 28, 2020

    පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ හිටපු උප පොලිස් පරීක්‍ෂකවරයෙකුට අයත් මිනුවන්ගොඩ නිවසේ තිබී මත්ද්‍රව්‍ය ජාවාරමට උපයෝගී කරගත් දේපල සොයා ගෙන තිබේ.

    ඒ, අත්අඩංගුවේ පසුවන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ලැබුණු තොරතුරු මතයි.

    මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට යොදාගත් මෝටර් රථයක්, යතුරු පැදියක්, රුපියල් නව ලක්‍ෂ 40,000ක මුදලක්, ක්‍රෙඩිට් කාඩ්පත් 4ක්, ජීපීඑස් උපකරණයක්, සිම්පතක් සමඟ ජංගම දුරකතනයක්. සැටලයිට් දුරකතනයක්, සිම්පතක් සහ පිහියක් ඒ අතරවේ. මිනුවන්ගොඩ ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සමඟ සබඳතා පැවැත්වූ බවට සැකපිට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින් සිව් දෙනෙකු පසුගියදා අත්අඩංගුවට ගැණින. එම නිලධාරීන් රුපියල් ලක්‍ෂ 300කට අධික පමණ මුදලක් උපයාගෙන ඇති බව හෙළිවී ඇත. එම නිලධාරීන් සිව් දෙනා සහ සිවිල් පුද්ගලයෙකු රැඳවුම් නියෝග මත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව බාරයේ පසුවේ.

    Latest News