බස්නාහිර වැටලීම්වලින් සැකකරුවන් 806ක් අත්අඩංගුවට

ජූනි 27, 2020

    පොලීසිය බස්නාහිර පළාත තුළ ඊයේ උදේ 6.00 සිට අද අලුයම 5.00 දක්වා සිදුකළ වැටලීම්වල දී මත්ද්‍රව්‍ය සහ අනෙකුත් නීති විරෝධී ක්‍රියාවන් සම්බන්ධයෙන් සැකකරුවන් 806 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    හෙරොයින් ජාවාරම් හා සම්බන්ධ වැටලීම් 175ක් සිදු කෙරුණු අතර එහිදී සැකකරුවන් 175ක් අත්අඩංගුවට ගනු ලැබීය. කංසා ජාවාරම් සම්බන්ධයෙන් 103 දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. නීති විරෝධී මත්පැන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 96 දෙනෙක්. ගෝඩා සහ අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් 23 දෙනෙකු ද වෙනත් නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් 409 දෙනෙක් ද අත්අඩංගුවට ගත් පිරිස අතර වෙයි.

    හෙරොයින් සහ ගෝඩා ජාවාරම් සම්බන්ධ සැකකරුවන් පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ දෙහිවල, පෑලියගොඩ, ඉංගිරිය සහ කටාන යන ප්‍රදේශවලදී. පොලීසිය පවසන්නේ, ඊයේ දිනයේ බස්නාහිර පළාතේ පුද්ගලයන් 19,801 දෙනෙක් පරීක්ෂාවට ලක්කළ බවයි. එහිදී මුඛ ආවරණ නොපැළඳ නිරෝධායන රෙගුලාසි උල්ලංඝණය කළ 6.370 දෙනෙකුට තරයේ අවවාද කර තිබේ.

    Last modified on සෙනසුරාදා, 27 ජූනි 2020 11:57

    Latest News