තවත් ආසාදිතයින් 17කට සුවයි

ජූනි 26, 2020

    කොරෝනා ආසාදිතයින් 17 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 1619 ක්.

    මේ අතර මෙරට කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 2010ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ (25) දිනයේ කොවිඩ් 19 ආසාදිතයින් 09ක් හඳුනාගැනීමත් සමගයි.

    ඉන් රෝගින් 06 දෙනෙක් නාවික හමුදා සාමාජිකයින් වන අතර ඔවුන් විදත්තපලෙයි නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳී සිටි පිරිසක්. අනෙක් තිදෙනා බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්ව සිටි මුහුදු ආරක්ෂක නිලධාරීන්.

    Last modified on සිකුරාදා, 26 ජූනි 2020 15:03

    Latest News