කොරෝනා මෙහෙයුම් සාර්ථකයි - හමුදාපති පවසයි

ජූනි 25, 2020

    සුවය ලැබූ ආසාදිතයන් 1602 දක්වා ඉහළට.

    කොරෝනා ආසාදිතයන් 40 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා.

    ඒ අනුව මේ වනවිට සුවය ලැබූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 1602දක්වා ඉහළ ගියා.

    මෙරට නාවික හමුදා සාමාජිකයින් 904 දෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනාගත් අතර, ඉන් තවත් 21 දෙනෙකු පූර්ණ සුවය ලැබීමත් සමග සුවය ලැබූ සමස්ත නාවික හමුදා සාමාජිකයින් ගණන 811 දක්වා අද (25 ) ඉහළ ගියේය.

    මේ අතර මෙරටින් වාර්තා වන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 2001 දෙනෙකු දක්වා ඉහළ ගියා.

    ඊයේ දිනයේ හඳුනාගත් කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 10 ක්.

    කොරෝනා ආසාදිතයින් 428 දෙනෙකු මේ වන විට රෝහල්වල ප්‍රතිකාර ලබනවා.

    කොරෝනා බවට සැක සහිතව 30 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන අතර සම්පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 1562ක්.

    ඊයේ දිනයේදී රෝගී් දස දෙනෙකු හඳුනාගත් අතර, ඉන් 07 දෙනෙකු ඇමෙරිකාවේ සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පිරිස බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.

    Latest News