කොළඹ මැගසින්‌ බන්ධනාගාරයෙන් ජංගම දුරකථන 14 ක්‌

ජූනි 24, 2020

    කොළඹ මැගසින්‌ බන්ධනාගාරයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී රැඳවියන්‌ සතුව තිබූ ජංගම දුරකථන 14 ක්‌ සොයා ගැනුණා.

    බන්ධනාගාර කොමසාරිස්‌ චන්දන ඒකනායක මහතා ප්‍රකාශ කළේ, එහි සී වාට්ටුවෙන්‌ එම දුරකථන හමුවූ බවයි.

    මැගසින්‌ බන්ධනාගාරයේ නව අධිකාරිවරයා ලෙස නෙරංජන්‌ ප්‍රනාන්දු මහතා පසුගියදා පත්කෙරුණු අතර, ඔහුගේ උපදෙස්‌ හා මෙහෙයවීම යටතේ මෙම සෝදිසිය සිදු වුණා. බන්ධනාගාරය තුළ ක්‍රියාත්මක නීතිවිරෝධි ක්‍රියාකාරකම්‌ සහ තහනම්‌ භාණ්ඩ අත්‌අඩංගුවට ගැනීමේ මෙහෙයුම්‌ අඛණ්ඩව ක්‍රියාත්මකයි. මේ අතර, දිවයින පුරා පිහිටි බන්ධනාගාර 19 ක ප්‍රධාන ජේලර්වරුන්‌ වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුකර යවා තිබෙනවා. බන්ධනාගාර කොමසාරිස්‌ චන්දන ඒකනායක මහතා කියා සිටියේ, සේවා අවශ්‍යතා මත මෙම පියවර ගත්‌ බවයි. බූස්ස බන්ධනාගාරයේ සේවයේ නියුතු නියාමකවරයෙකුගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ රැඳවියන්ට ලබාදීමට සැලසුම් කර තිබූ ජංගම දුරකථනයක්‌ ඉකුත්‌ 13 වැනිදා සිදු කළ පරීක්ෂණයකදී ඔහු සතුව තිබී සොයා ගැනීමත් සමගයි.

    Latest News