අද පළාත් කිහිපයකට වැසි

ජූනි 23, 2020

    බස්නාහිර, වයඹ, සබරගමුව, මධ්‍යම හා දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    උතුරු, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙයි.

    ඌව පළාතේ තැනින් තැන සවස 2 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙයි.

    මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම්වලත් දකුණු පළාතෙත් සුළගේ වේගය විටින් විට පැයට කිලෝ මීටර 40-50 ත් අතර විය හැකියි.

    ගිගුරුම් සහිත වැසි ඇති වෙන විට තාවකාලික තද සුළං ද ඇති වෙයි. ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මගින් සහ තාවකාලික තද සුළං මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    Latest News