ශ්‍රීලංකන් ගුවන් සමාගමෙන් ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළක්

ජූනි 22, 2020

    තම සමාගම පිරිවැය අඩු කරමින් නව සැලැස්මකට අනුව ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළක් හඳුන්වා දී ඇතැයි, ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි.

    කොවිඩ්-19 වසංගතය හමුවේ ලොව සියලු ගුවන් සමාගම් අර්බුදකාරි තත්වයකට පත්ව තිබේ. ඒවායේ පරිපාලන, කළමනාකරිත්ව හා නඩත්තු වියදම් වැඩිවී ආදායම අඩුවීම ඊට හේතුවයි. බොහෝ සමාගම් මානව සම්පත් කළමනාකරණයට යොමු විය. ශ්‍රී ලංකන් ගුවන් සමාගම ද වසර 40ක ඉතිහාසයේ අර්බුදකාරී තත්වයට පත්ව තිබේ. ලොව සියලු සංචාරකයින් තම ගුවන් ගමන් සීමා කිරීම ඊට ප්‍රධානතම හේතුවයි.

    එහෙත් ශ්‍රී ලංකන් ගුවන් සමාගම නව ගමනාන්ත හඳුන්වාදෙමින් අඩු පිරිවැයක් යටතේ සිය සේවය අගෝස්තු පළමු වැනිදා සිට ආරම්භ කිරීමට බලාපොරොත්තු වේ. ඒ සඳහා රාජ්‍ය බැංකු දෙකක් සමඟ ණය ආධාරක ක්‍රමවේදයක් යටතේ රාජ්‍ය මැදිහත්වීමකින් යුතුව එය සිදු කිරීමට නියමිතයි. ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමුව ඇති බව, අද කොළඹ පැවති මාධ්‍ය හමුවදී ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා පැවසීය.

    Latest News