ඉන්දියාවේ රැඳී සිටි 230ක් අද උදේ මෙරටට

ජූනි 22, 2020

    මෙරටට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ රැඳී සිටි 230 දෙනෙකු අද උදේ මෙරටට පදමිණියා.

    ඔවුන්‌ දිල්ලි ගුවන්‌ තොටුපොළේ සිට පැමිණියේ එරට ගුවන් සේවයට අයත් ගුවන් යානයකින්. ඒ අතර කොළඹ වරායේ නැංගුරම්ලා ඇති නෞකා කිහිපයක කාර්ය මණ්ඩලවලට අයත් ඉන්දීය ජාතිකයින් පිරිසක් ද වනවා. සියලුදෙනාම ගුවන් තොටුපොළේදීම PCR පරීක්ෂණ සඳහා යොමුකෙරුණා. එම ප්‍රතිඵල ලැබෙන තෙක් ඔවුන් ගුවන් තොටුපොළ ආසන්නයේ හෝටල් කිහිපයක නවතා ඇති බවයි වාර්තා වන්නේ.

    Latest News