වස්ගමුව ජාතික උද්‍යානය අද සිට යළි විවෘතයි

ජූනි 22, 2020

    වස්ගමුව ජාතික උද්‍යානය අද සිට නැවත සංචාරකයන්ට විවෘත කර තිබේ.

    එය මාස තුනක කාලයක සිට වසා දමා තිබිණි.

    සෞඛ්‍ය උපදෙස්‌ පිළිපදිමින්‌ සංචාරකයින්ට වන සතුන්‌ නැරඹීම සඳහා අවස්ථාව සලසා තිබෙනවා. දී ඇති උපදෙස්‌ උල්ලංඝනය නොකොට උද්‍යානය තුළ වන සතුන්‌ නැරඹිය හැකියි. වනජීවි නිලධාරින්‌ පසුගියදා වන සතුන්‌ පිළිබඳ සොයාබැගුවා. එහිදී ඔවුන්ට දැකගත හැකි ඵී ඇත්තේ, වෙනදාටත්‌ වඩා සතුන්‌ කණ්ඩායම්‌ වශයෙන්‌ ගැවසෙන බවයි. උද්‍යානයේ මේ වනවිට වියළි තත්වයක්‌ පවතින බවත්‌, කුඩා දිය කඩතිවල ජලය පානය සඳහා සතුන්‌ වැඩි වශයෙන්‌ පැමිණෙන බවත්‌, නියෝජ්‍ය උද්‍යාන භාරකරු ආර්‌. එමී. සී. බණ්ඩාරනායක මහතා පවසනවා. වන සතුන් නැරඹීම සඳහා යොදවා ඇති වාහන සඳහා විශේෂ ආක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීමට නියමියි.

    Latest News