ඊයේ දිනය තුළ කිසිඳු ආසාදිතයෙක් හමුවී නෑ

ජූනි 21, 2020

    මෙරටින් කිසිදු කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙක් ඊයේ (20) දිනයේ දී වාර්තා වී නොමැති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

    මෙරට මේ වන විට කොවිඩ් ආසාදිතයින් 1950ක් හඳුනාගෙන ඇති අතර ඉන් 1472ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

    ඊයේ දිනයේ දී තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 26 දෙනෙක් සුවය ලැබීමත් සමඟ දැනට රෝහල්වල ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 467 දෙනෙක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

    Last modified on ඉරිදා, 21 ජූනි 2020 09:14

    Latest News