ලුණුගම්වෙහෙර වන අලි රක්‍ෂිතයේ උදාගම් 2ක් තහනම් කෙරේ

ජූනි 20, 2020

    ලුණුගම්වෙහෙර පඩව්ගම වනඅලි රක්ෂිත ප්‍රදේශයේ උදාගම්මාන දෙකක ඉදිකිරීම් තහනම් කිරීමට නිවාස සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබේ.

    පඩව්ගම වනඅලි රක්ෂිතය තුළ නිවාස 48 කින් සමන්විත නිවාස ව්‍යාපෘති දෙකක් තහනම් කිරීමට නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රේණුක පෙරේරා මහතා කටයුතු කර ඇත.

    පසුගිය රජයේ නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා 2017 වසරේ පෙබරවාරි 16 වැනි දින මෙම නිවාස ව්‍යාපෘති ආරම්භ කර තිබුණේ ඉන්දීය රජයේ ආධාර යටතේයි.

    ව්‍යාපෘති දෙකෙහි ඉදිකිරීම් සම්බන්ධයෙන් පැන නැගී තිබූ ගැටලු සොයා බැලීමට පැමිණි නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා එම ව්‍යාපෘති තහනම් කිරීමට පියවර ගත්තා.

    එම නිවාස වෙනුවට ජනතාවට වෙනත් ස්ථානයකින් නිවාස ලබාදීමට පියවර ගන්නා බවයි, සභාපති රේණුක පෙරේරා මහතා සඳහන් කළේ.

    Latest News