යතුරුපැදි හොරා ගෙන කොටස් කර විකුණූ 4ක් අත්අඩංගුවට

ජූනි 18, 2020

    හොරණ පොලිස් වසමේ, පානදුර පාර ප්‍රදේශයේ දී පිළියන්දල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් යතුරු පැදි සොරකම්කර කොටස් කර අලෙවි කරනු ලබන ස්ථානයක් වටලා තිබේ.

    ඊයේ (17) දිනයේ දී මෙම වැටලීම සිදු කර යතුරු පැදි එංජින් කොටස් 9ක් සමග සැකකරුවන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 42 ක් හා 27 යන වයස්වල පසුවන හොරණ හා පොල්ගස්ඕවිට ප්‍රදේශවල පදිංචිකරුවන් වෙයි.

    සැකකරුවන් අද (18) දින කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. පිළියන්දල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

    Latest News