නන්දා මාලනිය ගෙන් වසර ගණනාවකට පසු චිත්‍රපට පසුබිම් ගීයක් (වීඩියෝ)

ජූනි 17, 2020
  • ආචාර්ය නන්දා මාලනි මහත්මිය වසර ගණනාවකට පසු චිත්‍රපට පසුබිම් ගායනයට එක්වූවාය.

    ඒ “ද නිවුස් පේපර්” චිත්‍රපටයේ “අම්මා නොවෙයි බුදු වන්නේ, නුඹයි පුතේ” ගීතය ගායනා කරමින්. මෙය එම චිත්‍රපටයේ එන එකම ගීතයයි. එය ඊයේ ජනගත කෙරිණ.

    “ද නිවුස් පේපර්” චිත්‍රපටය තිර රචනය කොට අධ්‍යක්‍ෂණය කළේ, කුමාර තිරිමාදුර සහ සරත් කොතලාවලයි. අමාත්‍ය බන්දුල ගුණවර්ධන, එච්.ඩී. ප්‍රේමසිරි, රවීන්ද්‍ර ගුරුගේ එක්ව එය, නිෂ්පාදනය කළේය. ගීතය රචනා කළේ. මහාචාර්ය සුනිල් ආරියරත්න මහතායි. ආචාර්ය නන්දා මාලනී ගායනා කරන ගීතයේ සංගීතය, ගයාත්‍රී කේමදාසගෙන්. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්, මාධ්‍ය ආයතන ප්‍රධානීන් හා කලාකරුවන් වෙත සංයුක්ත තැටිය පිළිගන්වනු ලැබීය.

    Last modified on බදාදා, 17 ජූනි 2020 20:36

    Latest News