පාස්කු ප්‍රහාරය; රෝගීන් 39කට සෞඛ්‍ය සංරක්‍ෂණ අරමුදලේ වියදමින් ප්‍රතිකාර

ජූනි 16, 2020

    පාස්කු ප්‍රහාරයෙන් තුවාල ලබා විශේෂ ප්‍රතිකාර ලැබිය යුතු රෝගීන් 39 දෙනෙකුට සෞඛ්‍ය සංරක්‍ෂණ අරමුදලේ වියදමින් ප්‍රතිකාර ලබාදීමට රජය පියවර ගෙන තිබේ.

    ඒ, අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ යෝජනාවක් අනුව.

    මෙම රෝගීන් 39 දෙනාට විශේෂ ප්‍රතිකාර සිදු කරන ලෙස අගරදගුරු හිමිපාණන් සෞඛ්‍ය අමාත්‍යවරියට පසුගියදා යෝජනාවක් ඉදිරිපත් කළේය. ඒ අනුව, ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ කළමණාකාරිත්වය හා විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් යටතේ එය සිදු කිරීමට සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය පියවර ගත්තේය.

    රෝගීන්ට ප්‍රතිකාර කිරීමට වැය වන සියලු වියදම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සංවර්ධන අරමුදලින් වැය කෙරේ. ප්‍රතිකාර සේවාවට අදාළව ගතයුතු පියවර සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද (16) බැහැදැක දැනුවත් කරනු ලැබුවාය.

    Latest News