WHO ඩො.මි. 230ක් දුන් බවට, හිටපු අගමැතිගේ ප්‍රකාශය අසත්‍යක්; අමාත්‍ය පවිත්‍රා

ජූනි 11, 2020

    ලෝක සෞඛ්‍ය සංවිධානය, සෞඛ්‍ය අමාත්‍යාංශයට ඩොලර් මිලියන 230ක් ලබාදුන් බවට හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කර ඇති ප්‍රකාශය අසත්‍ය බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

    “කොවිඩ්-19 රෝගය මර්දනය කිරීම සඳහා මේ වනතෙක් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අපේ රටට ලබාදී තිබෙන්නේ ඩොලර් මිලියන 1.9ක මුදලක්. තවත් ඩොලර් මිලියන 2.3ක මුදලක් ඉදිරි වර්ෂය දක්වා වියදම් කිරීමට නියමිතව ඇති බව සඳහන් කර තියෙනවා. ඩොලර් මිලියන 2ක් ලබාදුන්නම, ඩොලර් මිලියන 230ක් ලබාදුන් බවට රනිල් වික්‍රමසිංහ මැතිතුමා කරන ලද ප්‍රකාශය සම්පුර්ණ අසත්‍යයක්. එතුමා මේ වෙලාවේ පත්ව තිබෙන දේශපාලන ව්‍යාකූල තත්වය නිසා මේ ලබාදුන් මුදල සිය ගුණයකින් වැඩිකරලා ප්‍රකාශ කරන්න ඇති කියලා මම විශ්වාස කරනවා“ යැයි අමාත්‍යවරිය පැවසුවාය.

    Latest News