කාර්යාල හා තැපැල් දුම්රියත් ධාවනයට

ජූනි 08, 2020

    සියලුම කාර්යාල හා තැපැල් දුම්රිය ද අද සිට ධාවනයට එක් කිරීමට පියවර ගෙන තිබේ.

    කොරෝනා වෛරසය හේතුවෙන් තෙමසකට වැඩි කාලයක් නතර කර තිබූ මඩකලපුව - කොළඹ අතර දුම්රිය සේවය ද අද යළි ආරම්භ කෙරිණ. අප වාර්තාකරු ප්‍රකාශ කළේ උදේ 6.10ට මඩකලපුව දුම්රිය ස්ථානයෙන් පළමු දුම්රිය කොළඹ බලා පිටත්වූ බවයි. එය පස්වරු 3.15 වන විට කොළඹ දුම්රිය ස්ථානයට ළගාවීමට නියමිතයි.

    Latest News