දිවයිනේ පොදු ප්‍රවාහන සේවා ඇරඹේ

ජූනි 08, 2020

    සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල පොදු ප්‍රවාහන සේවා අද සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මකයි.

    සියලු කාර්යාල දුම්රිය සහ තැපැල් දුම්රිය ද අද සිට ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ. කොළඹ දිස්ත්‍රික්කයේ බස් ප්‍රමුඛතා මංතීරු අද සිට ක්‍රියාත්මකයි. ඒ අලුතින් පටන්ගමු - මහමග විනය ඇති කරමු තේමාව යටතේ සකස් කළ විශේෂ සැලසුමකට අනූවයි. මේ පිළිබඳව අද සිට ලබන 22 වැනි දින දක්වා රියදුරන් දැනුවත් කෙරෙන අතර ඉන් පසු එම නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය සඳහන් කළේ, තම සියලු බස්රථ අද සිට සාමාන්‍ය පරිදි ධාවනයට එක් කරන බවයි. සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින්, මගී ප්‍රවාහන කටයුතු සිදු කෙරේ.

    සියලුම කාර්යාල හා තැපැල් දුම්රිය ද අද සිට ධාවනයට එක් කිරීමට පියවර ගෙන තිබේ. කොරෝනා වෛරසය හේතුවෙන් තෙමසකට වැඩි කාලයක් නතර කර තිබූ මඩකලපුව - කොළඹ අතර දුම්රිය සේවය ද අද යළි ආරම්භ කෙරිණ. අප වාර්තාකරු ප්‍රකාශ කළේ උදේ 6.10ට මඩකලපුව දුම්රිය ස්ථානයෙන් පළමු දුම්රිය කොළඹ බලා පිටත්වූ බවයි. එය පස්වරු 3.15 වන විට කොළඹ දුම්රිය ස්ථානයට ළගාවීමට නියමිතයි.

    Last modified on සදුදා, 08 ජූනි 2020 09:03

    Latest News