රූපවාහිනී,ITN,SLBC ලේක් හවුස් මංගලට

දෙසැ 29, 2018

    කැබිනට් අමාත්‍යවරුන්ගේ සහ කැබිනට් නොවන අමාත්‍යවරුන්ගේ විෂයයන් හා කාර්යයන් ද ඔවුන් යටතේ ඇති දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත ආයතන දැක්වෙන් අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. 

    අදාළ ගැසට් නිවේදනය 2103/33 අංකය යටතේ නිකුත් කෙරිණ.  

    අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් හොබවනු ලබන මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට ආයතන 48ක් පැවරී තිබේ.

    ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව, ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය, සීමාසහිත ලංකා එක්සත් ප්‍රවෘත්තිපත්‍ර සමාගම යන මාධ්‍ය ආයතන සහ මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවරා ඇත්තේ ද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයටයි.  

     

    ගැසට් නිවේදනයට අනූව ජනාධිපතිතුමාට පැවරී ඇති ආරක්ෂක අමාත්‍යාංශයට ආයතන 21ක් ඇතුළත්.  පොලිස් දෙපාර්තමේන්තුව, ජාතික අන්තරායක ඖෂධ පාලක මණ්ඩලය, ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය සහ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව යන ආයතන ද ඊට අයත්.  ජනාධිපතිතුමාට පැවරී ඇති මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයට ආයතන 22ක් අයත්. 

    අග්‍රාමාත්‍යතුමා වෙත පැවරී ඇති ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන, යෞවන කටයුතු අමාත්‍යාංශයට ආයතන 24ක් අයත්.  ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවට ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව, ජාතික තරුණ සේවා සභාව, ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය, ජාතික ආධුනිකත්ව හා කර්මාන්ත පුහුණු අධිකාරිය ද ඒ අතර වෙයි.  

    ජාතික චිත්‍රපට සංස්ථාව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ මධ්‍යම සංස්කෘතික අරමුදල, නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා වෙත පවරා තිබේ.  ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සහ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ඇතුළු ආයතන 26ක් ඊට ඇතුළත්.

     

    කැබිනට් අමාත්‍යවරුන්ගේ විෂයන් දක්වෙන අති විශේෂ ගැසට් නිවේදනය පහතින්

    http://www.documents.gov.lk/files/egz/2018/12/2103-33_S.pdf

    Last modified on සෙනසුරාදා, 29 දෙසැම්බර් 2018 11:34

    Latest News