සඳුදා සිට දුම්රිය හා බස් ඇතුලු පොදු ප්‍රවාහන සාමාන්‍ය තත්වයට

ජූනි 07, 2020

    හෙට සිට (08) පොදු ප්‍රවාහණ සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍යාංශය කලින් සැලසුම් කර තිබිනි.

     

    එහෙත් පොදු ප්‍රවාහණ සේවා සැපයීමේ දී විශේෂයෙන් අන්තර් පළාත් බස් රථ ධාවනයේ දී සෞඛ්‍ය අංශවල උපදෙස් මත පසුගිය සිකුරාදා (05) ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කරන ලද නිවේදනය අනුව ක්‍රියාත්මක කිරීමට සිදු ව තිබේ. එහි සඳහන් කර තිබෙන්නේ කොළඹ හා ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්ක අතර ‌පොදු  ප්‍රවාහණ සේවා ක්‍රියාත්මක කළ යුතු බවයි.

    මේ අතර හෙට දින (08) අතිගරු ජනාධිපතිතුමන් විසින් පොදු ප්‍රවාහණ සේවා සම්බන්ධව සාකච්ඡා කිරීමට පාර්ශ්ව කිහිපයකට ඇරයුම් කර තිබේ. ඒ් අනුව හෙට දින පැවැත්වෙන සාකච්ඡාවේ දී අතිගරු ජනාධිපතිතුමන් විසින් ලබා දෙන උපදෙස් අනුව මෙන්ම සෞඛ්‍ය අංශ විසින් ලබා දෙන උපදෙස් පරිදි ඉදිරි පොදු ප්‍රවාහණ සේවාවන් සැලසුම් කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කර සිටී.

    පොදු ප්‍රවාහණයේ දී සෞඛ්‍ය අංශ උපදෙස් මත ආසන ගණනට පමණක් මගී  ප්‍රවාහණ සේවා ක්‍රියාත්මක කිරීමේ දී දැනට ලංගම හා පුද්ගලික අංශය සතුව තිබෙන බස් රථ ප්‍රමාණවත් නොවන බව පෙනී ගොස් තිබේ.  ඒ් සඳහා විකල්පයක් ලෙස සංචාරක සේවා මෙන්ම දැනට ලියාපදිංචිය සඳහා පොරොත්තු ලේඛනයේ ඇති බස් රථ,  මගී ප්‍රවාහණය සඳහා තාවකාලිකව ලියාපදිංචි කිරීමට පියවර ගෙන ඇත.

    එහෙත්  ඒ්වා මගී ප්‍රවාහණ සේවාවන් සඳහා පුද්ගලික බස් රථවලට හානියක් නොවන පරිදි අවශ්‍යවුවහොත් පමණක්යොදා ගන්නා ලෙස  අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික ගමනාගමන කොමිසමට වැඩිදුරටත් උපදෙස් දි තිබේ.

    Last modified on ඉරිදා, 07 ජූනි 2020 11:24

    Latest News