හෙරොයින් කිලෝවක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

ජූනි 06, 2020

    දෙමටගොඩ පොලිස් ‍වසමේ දෙමටගොඩ ආරම පාරට හැරෙන හන්දි‍ය අසල දී ‍කොළඹ උතුර දුෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් ලද තොරතුරක් මත වැටලීමක් කර හෙරොයින් කිලෝවක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඊයේ(05) දහවල් 11.45 ට පමණ මෙම වැ‍ටලීම සිදු කර හෙරොයින් කිලෝ ග්‍රෑම් 1 යි ග්‍රෑම් 23 යි මිලිග්‍රෑම් 660 ක් සොයා ගෙන තිබේ.

    හෙරොයින් සන්තකයේ තබා සිටි සැකකරු වයස අවුරුදු 56 ක් වු කෙත්තාරාම මහල් නිවාස‍, කොළඹ 10 යන ලිපිනයේ පදිංචිකරුවෙකි.

    අද(06) දින සැකකරු මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Latest News