පොහොර වැඩිමිලට අළෙවි කරන්නන්ට දැඩි ක්‍රියාමාර්ග; මහේෂ් ගම්මන්පිල (වීඩියෝ)

ජූනි 05, 2020
  • රටේ කිසිදු පොහොර හිඟයක් නැතැයි ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසයි.

    පොහොර වැඩිමිලට අළෙවි කරන නියෝජිතයන්ට එරෙහිව දැඩි නෛතික ක්‍රියාමාර්ග ගන්නා බව ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්‍ෂ මහේෂ් ගම්මන්පිල මහතා මාධ්‍ය හමුවකදී අද ප්‍රකාශ කළේය. ගොවීන්ට අවශ්‍ය සියළුම පොහොර මේ වනවිටත් බෙදාහැර තිබේ. පසුගිය වසරේ යළ කන්නයේ දී යුරියා පොහොර මෙට්‍ර්ක් ටොන් 67,000ක් බෙදා දෙනු ලැබීය.

    මේ වසරේ මේ වනවිට බෙදාහැර ඇති පොහොර ප්‍රමාණය මෙට්‍ර්ක් ටොන් අසූ දහසක්. ටී.එස්.පී. පොහොර පසුගිය යල කන්නයේ දී මෙට්‍ර්ක් ටොන් 16,000ක් ද, මේ වසරේ මේ වනවිට මෙට්‍ර්ක් ටොන් 12,000ක් බෙදා දී තිබේ. එම්.ඕ.පී. පොහොර මෙට්‍ර්ක් ටොන් 19,000ක් පසුගිය වසරේදී ද, මේ වසරේ මෙට්‍ර්ක් ටොන් 25,000ක් ද බෙදාහැර තිබේ.

    Last modified on සිකුරාදා, 05 ජූනි 2020 20:02

    Latest News