Navy අන්නාචී හඳුනා ගන්න පෙරට්ටුවක්

දෙසැ 28, 2018

    පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදන්වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති අන්නච්චි යන අනිවර්ත නමින් හඳුන්වන නාවික හමුදා හිටපු ප්‍රධාන සුළු නිලධාරියා හා නාවික නැවි සංජීව ප්‍රසාද් ඉලංග සේනාරත්න ජනවාරි 09 දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියෝග කළේය.

    තරුණයන් පැහැර ගැනීම, ඝාතනය කිරීම සඳහා අනුබල දීම ඇතුලු චෝදනා ඉදිරිපත් කරමින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර තිබිණ.

    නාවික හමුදාවේ හිටපු ප්‍රධාන සුළු නිලධාරි අන්නච්චි යන අය මහේස්ත්‍රාත් නිල මැදිරියට ඉදිරිපත් කළ අතර ලබන 09 වනදා සැකකරු හදුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරිමට නියෝග කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බව රහස් පොලිසිය අධිකරණයට කියා සිටියේය.

    මේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින 10 වන සැකකරු වු නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි රක්ෂිත භාරයේ සිටින අතර සිද්ධියට අදාළව නාවික හමුදා හිටපු මාධ්‍ය ප්‍රකාශක, කොමදෝරු ඩී.කේ.පී දසනායක නාවික හමුදා බුද්ධි අංශ කොමදෝරු සුමිත් රණසිංහ, සම්පත් මුණසිංහ, නාවික නැවි ලක්ෂ්මන් උදය කුමාර, නලින් ප්‍රසන්න වික්‍රමසූරිය සහ තම්මිට ඉහළ ගෙදර ධර්මදාස, රාජපක්ෂ පතිරනලාගේ කිත්සිරි ඇතුලු සැකකරුවන් 9 දෙ‍නෙකු ඇප ලබා සිටිති.

    පුද්ගලයින් 11 දෙනෙකු වසර 2008අගොස්තු 08 වනදා සිට වසර 2008 සැප්තැම්බර් 17 වනදා දක්වා කොටහේන වැල්ලවත්ත, ත්‍රිකුණාමලය, මඩකලපුව ඇතුලු ස්ථාන කිහිපයකදී කස්තුරිආරච්චිගේ ජොන් රීට්, රජිව් නාගනාදන්, ප්‍රදීප් විශ්වනාදන්, තිලගේෂ්වරන් රාමලිංගම්, මොහොමඩ් සාජිත්, ජමාල්ඩීන් ඩිලාන්, අමලන් ලියෝන්, රොෂාන් ලියෝන්, ඇන්තනි කස්තුරිආරච්චි, ත්‍යාගරාජා ජෙගන් සහ මොහොමඩ් අලි අන්වර් යන අය අතුරුදන්ව ඇත

    Latest News