කොවිඩ්-19 පිටුදැකීමේ මෙරට වැඩපිළිවෙළ ප්‍රශංසනීයයි - WHO (වීඩියෝ)

මැයි 30, 2020
  • කොවිඩ් 19 රෝගය පිටුදැකීම සඳහා ශ්‍රී ලංකාවේ, රාජ්‍ය නායකයාගේ මඟ පෙන්වීමෙන් විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

    මෙය, ප්‍රශංසනීය තත්වයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අදහස වී තිබේ. එම සංවිධානයේ මෙරට නියෝජිත වෛද්‍ය රිසියා පෙන්සේ, ජාතික රූපවාහිනිය සමඟ කළ විශේෂ සාකච්ජාවකදී මේ බව කියා සිටියේය.

    කොවිඩ් 19 රෝගය පිටුදැකීමේ ගෝලීය වැඩපිළිවෙළට නායකත්වය දෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයයි. වෛද්‍ය විද්‍යාත්මක අංශයෙන් අන්තර් රාජ්‍ය සම්බන්ධීකරණය, ප්‍රතිකාර හා ප්‍රතිශක්ති එන්නතක් නිපදවීමේ ක්‍රියාවලිය හා රෝගය පැතිරයාම වළක්වාලීමේ විද්‍යාත්මක ක්‍රමවේදය සැකසීම එමඟින් සිදු කෙරේ. ශ්‍රී ලංකාව අනුගමනය කළ කොවිඩ් 19 රෝග පිටුදැකීමේ සැලැස්ම ගෝලීය වශයෙන් සැළකූ කළ ද, ඉතා විධිමත් බව සෞඛ්‍ය සංවිධානයේ අදහස.

    එහිදී අදහස් දැක්වූ වෛද්‍ය රාසියා පෙන්සේ.... “කොවිඩ් 19 රෝග පාලනයේ දී සමස්ත සමාජය හා රජය, රාජ්‍ය නායකයාගේ මෙහෙවීම යටතේ ක්‍රියාත්මක විය යුතුය. මම සතුටින් කියන්න කැමතියි ශ්‍රී ලංකාවේ රෝග ප්‍රතිචාර වැඩසටහන ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වූ බව. රෝග පාලනය සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක්පත් කරනු ලැබීය. ඒ සෞඛ්‍ය අංශයෙන්. ඉතාම ඉක්මණින් සමාජ ආර්ථික කාර්ය සාධක බලකායක් ද පත් කෙරිණ. ඒ මන්ද, වසංගත තත්වය සෞඛ්‍යයට පමණක් නොව ජන ජිවිතයට බලපාන නිසා.

    ඒ වගේම මම සඳහන් කරන්න සතුටුයි ඓතිහාසිකව ශ්‍රී ලංකාවේ පවතින්නේ ඉතා ශක්තිමත් රෝග නිරීක්‍ෂණ ක්‍රමවේදයක් බව. ඒ නිසාම ශ්‍රී ලංකාව සමත්වෙලා තියෙනවා බෝවන රෝග ගණනාවක් පාලනයට සහ සම්පූර්ණයෙන් නිවාරණයට. මේ තත්වය හොඳ පදනමක් වුණා. කොවිඩ් 19 පෙර සූදානමට හා ප්‍රතිචාරයට. ඒ වගේම ශ්‍රී ලංකාව රජය සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් කඩිනම් ප්‍රතිචාර ක්‍රියාවලිය ආරම්භ කළා. මෙරටින් ප්‍රථම රෝගියා වාර්තා වීමටත් කලින් සිටම. ඒ වගේම, රෝගීන් සංඛ්‍යාව ඉහළ යද්දී ඊට ගැලපෙන ආකාරයෙන් ප්‍රතිචාර වැඩසටහන යතාවත් කිරීමට ද පියවර ගැණින.

    ප්‍රශ්නය;

    ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාවට ලැබෙන සහය කෙබඳුද?

    පිළිතුර...

    ශ්‍රී ලංකාවේ දී අප සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අනෙකුත් අදාළ අංශ සමඟ නිරතුරුව සමීපව ක්‍රියා කරනවා. විද්‍යාත්මක පදනමක් යටතේ සෞඛ්‍ය අංශ ප්‍රතිචාරය ශක්තිමත් කිරීම සඳහා. ඒ වගේම, හදිසි ප්‍රතිචාර ක්‍රියාවලිය යටතේ අපි කොවිඩ් 19 පාලන ක්‍රියාවලියට මූල්‍යාධාර ද ලබාදෙනවා. ඒ අනුව, පහසුකම් වැඩි කිරීම යටතේ මෙරට සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ ධාරිතාව ශා ශක්තිය වැඩි කිරීමට දායකවීමට ඉඩකඩ ලැබෙනවා. විශේෂයෙන් රෝහල්වල, පර්යේෂණාගාරවල, පරීක්‍ෂණ ක්‍රියාවලියේ හා කළමණාකාර වැඩපිළිවෙළේ ධාරිතාව ශක්තිමක් කර තිබේ. ඒ වගේම, අපි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සමඟත් සමීපව ක්‍රියා කරනවා. ඒ, ජන සමාජයේ දැනුවත් බව නැංවීම සඳහායි.

    Last modified on සෙනසුරාදා, 30 මැයි 2020 20:09

    Latest News