තොණ්ඩමාන් මහතාගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

මැයි 28, 2020

    අභාවප්‍රාප්ත, ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ නායක, ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (28) පෙරවරුවේ අවසන් ගෞරවය දැක්වීය.

    අමාත්‍යවරයාගේ දේහය බත්තරමුල්ල පිහිටි නිවසේ සිට අද පෙරවරුවේ පාර්ලිමේන්තුවට රැගෙන එන ලදී.

    පාර්ලිමේන්තු පරිශ්‍රය වෙත ගිය ජනාධිපතිතුමා දේහයට අවසන් ගෞරව දැක්වීය.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ද මේ අවස්ථාවට එක්විය.

    මැති ඇමතිවරු ප්‍රමුඛ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය දේහයට අවසන් ගෞරව දැක්වූහ.

    1N7A3301

    1N7A3387

    1N7A3424

    Last modified on බ්‍රහස්පතින්දා, 28 මැයි 2020 17:49

    Latest News