ලෝක දුම්වැටි විරෝධී දිනය

මැයි 28, 2020

    දරුවන් සහ තරුණයන් දුම්කොළ හා නිකටින් භාවිතයෙන් වළක්වාගැනීමේ අරමුණෙන්, ලෝක දුම්වැටි විරෝධී දිනය මෙවර සැමරෙන බව දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පවසයි.

    ලෝක දුම්වැටි විරෝධී දිනය යෙදී තිබෙන්නේ, ලබන 31 වැනිදාටයි. තරුණයන් ඉලක්ක කරගත් මෙම කර්මාන්තයේ වෙළෙඳ උපක්‍රම පිළිබඳ, ගෝලීය ව්‍යාපාරයක් ආරම්භ කිරීම මෙවර ලෝක දුම්වැටි විරෝධී දිනයේ අරමුණක්.

    විවිධ රසකාරක භාවිත කිරීම, සමාජ මාධ්‍ය ප්‍රවර්ධක වෙළෙඳ උපක්‍රම භාවිතය, පාසල්වලට ශිෂ්‍යත්ව ලබාදීම, සිල්ලර මිලට සිගරට් අලෙවි කිරීම, කාමුක මෝස්තර සැකසීම වැනි උපක්‍රම මගින් තරුණයන් දුම්කොළ සඳහා ආකර්ෂණය කරගැනීම වර්තමානයේ ක්‍රියාත්මක වන බවයි, දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පවසන්නේ.

    Latest News