මාර්ගගත ක්‍රමයට 2019/2020 විශ්වවිද්‍යාල අයදුම්පත් කැඳවීම ජුනි 2න් අවසන්

මැයි 27, 2020

    ටෙහි පවතින කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් 2019/2020 අධ්‍යයන වර්ෂයේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා මාර්ගගත ක්‍රමය මගින් අයදුම්පත් කැදවීමේ අවසන් දිනය 2020 මාර්තු මස 26 වැනිදා සිට අප්‍රේල් මස 9 වැනිදා තෙක් දීර්ඝ කිරීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබිණ.

    නැවතත් එය පාසල් යළි ආරම්භ කර සති දෙකක් යන තෙක් ලෙස වැඩිදුරටත් දිර්ඝ කිරීමටත් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට සිදුවිය.

    නමුත් රටෙහි පවතින තත්වය ක්‍රමක්‍රමයෙන් යහපත් අතට හැරෙමින් පවතින හෙයින් 2019/2020 අධ්‍යයන වර්ෂයේ විශ්ව විද්‍යාල ප්‍රවේශය සදහා මාර්ග ගත ක්‍රමය මගින් අයඳුම්පත් කැඳවීම 2020 ජුනි මස 2 වැනිදායින් අවසන් කිරීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර ඇති බව දන්වා සිටියි.

    Latest News