ඔසුසල් හිමියන්ගේ සංගමයෙන් මිලියනයක මුදල් පරිත්‍යාගයක්

මැයි 27, 2020

    කසමස්ත ලංකා පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමය විසින් ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට රුපියල් මිලියනයක මුදලක් පරිත්‍යාග කරන ලදී.

    මීට අමතරව රුපියල් මිලියන 2.1 ක වටිනාකමකින් යුත් PCR පරීක්ෂණ සදහා භාවිතා කරන centrifuges උපකරණයක්ද කඩිනමින් ලබාදීමට ද කටයුතු කරන බව ද එම සංගමයේ සභාපති චන්දික ගන්කන්ද මහතා ප්‍රකාශ කළේය.

    සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ සමස්ත ලංකා පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමයේ නිලධාරින් අතර විශේෂ සාකච්ඡාවක් අද (27) දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණ.

    සමස්ත ලංකා පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමයේ දිවයින පුරා තොග සහ සිල්ලර ඖෂධ වෙළෙද ආයතන 4500 පිහිටා ඇති බවත් COVID-19 වසංගත තත්ත්වය තුල රජය හා සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන ගිය වැඩපිළිවෙලට ද  ශක්තියක් වෙමින් පසුගිය කාලයේදී පවුල් ලක්ෂ 08 කට පමණ ආරක්ෂිතව නිවසටම ගොස් ඖෂධ ලබාදීමට කටයුතු කළ බවද සමස්ත ලංකා පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමයේ නිලධාරීන් පැවැසීය.

    Last modified on බදාදා, 27 මැයි 2020 13:27

    Latest News