කටාර් සිට ලාංකිකයන් 268ක් දිවයිනට

මැයි 27, 2020

    ශ්‍රී ලාංකිකයන් 268 දෙනෙක් අද (27) ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් අද අළුයම 05.00ට පමණ දෝහා සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

    ඔවුන් මෙම ගුවන් යානය තුළ ව්‍යාපාරික පංතියේ ආසන 10ක සහ පිරිමැසුම්දායක පංතියේ ආසන 258ක අසුන් ගෙන සිටි බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. ඔවුන් අතර කුඩා ළමුන් සිව් දෙනෙක් ද සිටියේය.

    මෙම පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් අනතුරුව ඔවුන් රැගෙන ආ බඩු බාහිරාදිය සියල්ල විෂබීජහරණය කිරීමට ලක් කෙරුණි.

    ඔවුන් තුළ කොරෝනා රෝග ලක්ෂණ පවතී ද යන්න පරීක්ෂා කිරීමෙන් අනතුරුව මගීන් සියලු දෙනා ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් විශේෂ බස් රථ මගින් නීරෝධායන කටයුතු සඳහා රැගෙන යෑම සිදු කෙරුණි.

    Last modified on බදාදා, 27 මැයි 2020 10:10

    Latest News