විදෙස්ගතව ශ්‍රී ලාංකිකයන් ප්‍රමුඛතා ලැයිස්තුව මත මෙරටට (වීඩියෝ)

මැයි 24, 2020
  • විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයන් ප්‍රමුඛතා ලැයිස්තුව මත මෙරටට ගෙන්නා ගන්නා බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    ඒ අනුව, තවත් පිරිසක් ජුනි 6 වැනිදා දක්වා දිනපතා මෙරටට රැගෙන ඒමට නියමිතයි. මේ බව ප්‍රකාශ කෙරුණේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකදී'

    අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා...

    “ශිෂ්‍යයන්, එතෙර සිටින රාජ්‍ය සේවකයන්, කෙටි කාලීන වීසා, මානුෂික හේතූන්, රැකියා අහිමිවූවන්, එහෙම ගෙන්වා ගැනීමේ අනුපිළිවෙළකට අනුව ප්‍රමුඛතා ලේඛන සකස් කරලා, ජනාධිපතිතුමා අනුමත කරන්න ඕනේ. මේ සියලු දෙනා ගෙන්වා ගැනීමේ නිරෝධායන වැඩපිළිවෙළ ක්‍රමානුකූලව තමයි වර්ධනය වෙන්නේ. ප්‍රාතිහාර්යකින් කරන්න පුලුවන් කමක් නැහැ. එතෙර සිටින ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටින්නේ ඉවසීමෙන් යුතුව කල්ගත කරන ලෙසයි. පුළුවන් වහාම ගෙන්වා ගැනීම සඳහා හැම පියවරක් ම ගන්නවා“ යැයි අමාත්‍යවරයා පැවසීය.

    Last modified on ඉරිදා, 24 මැයි 2020 19:42

    Latest News