ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‍ෂ සුමිත්‍රා පීරිස් ජපන් රජයේ ඇගයීමට (වීඩියෝ)

මැයි 24, 2020
  • ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‍ෂ සුමිත්‍රා පීරිස් මහත්මිය ජපන් රජයේ ඇගයීමට ලක්වූවාය.

    ශ්‍රී ලංකාව සහ ජපානය අතර සංස්කෘතික ප්‍රවර්ධනය උදෙසා ඇයට ගෞරවනීය සම්මානයක් පිරිනමනු ලැබුවේ, ජපන් රජය විසින්. ජපාන-ශ්‍රී ලංකා මිත්‍රත්ව සම්මාන උළෙලේ ආරම්භක සාමාජිකාවක් වූ සුමිත්‍රා පීරිස් මහත්මිය, දූපත් දෙරට අතර සක්‍රීයව සංස්කෘතික සබඳතා ප්‍රවර්ධනය කළාය.

    ජපන් අධිරාජ්‍යයා විසින් පිරිනමනු ලබන මෙම සම්මානය ලබාදී ඇත්තේ, මිත්‍ර සබඳතා වැඩිදියුණු කිරීම සඳහා කැපී පෙනෙන දායකත්වයක් ලබාදුන් විදේශිකයන්ටයි. ඇය, ශ්‍රී ලංකාව සහ ජපානය අතර සංස්කෘතික ප්‍රවර්ධනය උදෙසා නොමැකෙන සලකුණක් තැබූ කලාකාරිනියක් වූවාය. සුමිත්‍රා පීරිස් මහත්මිය විශිෂ්ටතම ජපාන චිත්‍රපට අධ්‍යක්‍ෂකවරයෙකු වූ අකිරා කුරෝසාවාගේ නිර්මාණ සමඟ මෙන්ම පෞද්ගලිකව ඔහු සමඟ ද සමීප මිත්‍රත්වයක් ගොඩනඟා ගත්තාය. එම නිර්මාණ ශ්‍රී ලාංකීය ප්‍රේක්‍ෂකයන්ට හඳුන්වාදීමට පීරිස් මහත්මිය දැඩි උත්සාහයක් ගනු ලැබුවාය. ශ්‍රී ලංකා රිදී තීරයේ “සිනමා කවියා“ ලෙස විරුදාවලිය ලත් සුමිත්‍රා පීරිස් මහත්මිය රාජ්‍ය තාන්ත්‍රික මෙහෙවරේ යෙදුණු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වූවාය. “සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා“ වැනි චිත්‍රපට ජපන් ප්‍රේක්‍ෂකයන්ගේ නොමඳ ගෞරවයට පාත්‍ර විය.

    සිංහල සිනමාව, නවමු මාවතකට යොමු කළ මෙරට විශිෂ්ටතම චිත්‍රපට අධ්‍යක්‍ෂ, ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස් මහතා සමඟ විවාහ වූ, එවකට සුමිත්‍රා ගුණවර්ධන මහත්මිය සංස්කාරකවරියක වශයෙන් ප්‍රංශයේ ද පුහුණු ලැබුවාය. ගැහැනු ළමයි, ගඟ අද්දර, යහළු යෙහෙළි, මායා, සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා, ලොකු දුව, දුවට මවක මිස, සක්මන් මළුව, යන චිත්‍රපට අධ්‍යක්‍ෂණය කළ ඇය, දෙස්-විදෙස් සම්මාන රැසකින් පිදුම් ලැබූ මෙරට අමරණීය කලාකාරිනියක් වූවාය.

    Last modified on ඉරිදා, 24 මැයි 2020 19:46

    Latest News