කොවිඩ් 19 ප්‍රතිකාර සේවා ශක්තිමත්‌ කිරීමට Curec නමින්‌ මෘදුකාංගයක්

මැයි 24, 2020

    කොවිඩි 19 වසංගතයට එරෙහි ප්‍රතිකාර සේවා ශක්තිමත්‌ කිරීමට Curec නමින්‌ පරිගණක මෘදුකාංගයක්‌ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පරිගණක පීඨයේ පර්යේෂක කණ්ඩායමක්‌ නිර්මාණය කර තිබේ.

    එම විශ්වවිද්‍යාලයේ උපකුලපති, මේජර්‌ ජෙනරාල්‌ මිලින්ද පීරිස්‌ මහතාගේ මඟ පෙන්වීමෙනුයි මෙය නිර්මාණය කර ඇත්තේ. මෙම මෘදුකාංගයෙන්‌ රෝගියා සහ වෛද්‍යවරයා අතර ඵලදායි වීඩියෝ සන්නිවේදනයක්‌ ඇති කර, එමගින්‌ සෞඛ්‍ය කාර්ය මාණ්ඩලයට රෝගය වැළඳීමේ අවදානම අවම කෙරෙනවා. එම මෘදුකාංගය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත හඳුන්වා දීම සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අද සිදු කෙරිණ.

    Latest News