ධීවර කටයුතුවලින් වළකින්නැයි,ධීවරයින්ට අනතුරු ඇඟවීමක්

මැයි 20, 2020

    හෙට සවස් කාලය වන තෙක් උතුරු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල තවදුරටත් ධීවර හා නාවුක කටයුතුවල නොයෙදෙන ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාද කරයි.

    එම දෙපාර්තමේන්තුව පවසන්නේ අද දිනයේ සිට අම්ෆන් සුළි කුණාටුව මගින් දිවයිනේ කාලගුණය කෙරෙහි වන බලපෑම අඩුවනු ඇතැයි බලාපොරොත්තු වන බවයි. එය අද පෙරවරු 8.30වන විට ත්‍රිකුණාමලයට ඊසාන දෙසින් වයඹදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ස්ථානගතව පැවති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    මෙම පද්ධතිය තවදුරටත් උතුරට බරව ඊසාන දෙසට දිවයිනෙන් ඉවතට ගමන් කරන අතර අද සවසවන වන විට බංගලාදේශ වෙරළ තීරය හරහා ගමන් කරනු ඇති බවට අපේක්ෂා කෙරේ

    Latest News