ඊයේ වාර්තා වූ ආසාදිතයින් 35 දෙනාම නාවිකයින්

මැයි 20, 2020

    ඊයේ (19) දිනයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 35 දෙනාම නාවික සාමාජිකයින් බව ‍සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

    ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටින නාවික හමුදා සාමාජිකයින් 28 දෙනෙක් ආසාදිතයින් ලෙස හඳුනා ගෙන තිබේ. ඊයේ (19) රාත්‍රී 11.55 වන විට තවත් ආසාදිතයින් සිව් දෙනෙක් වාර්තා වූ අතර ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1027 ක් දක්වා ඉහළ ගියේය.

    මේ වන විට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදය වීම හේතුවෙන් පුද්ගලයින් 445 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි. වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 569 දෙනෙක් ඊයේ දිනය වන විට සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

    එම සුවය ලැබූ පුද්ගලයින් අතර නාවික හමුදා සාමාජිකයින් 209 දෙනෙක් ද සිටියි.

    Last modified on බදාදා, 20 මැයි 2020 10:03

    Latest News