පුත්තලම මූලික රෝහලේ හිටපු වෛද්‍ය අධිකාරි අභාවප්‍රාප්ත වෙයි

දෙසැ 25, 2018

    පුත්තලම මූලික රෝහලේ හිටපු වෛද්‍ය අධිකාරි හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ තත්ව පාලන කළමණාකරණ ඒකකයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අශෝක් පෙරේරා මහතා අභාවප්‍රාප්ත විය.

    ඒ මහතා වෙන්නප්පුව ජෝශප් වාස් විද්‍යාලයෙන් මුලික අධ්‍යාපනය හදාරා, කොළඹ විශ්ව විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලබා කුරුණෑගල රෝහලේ තැලසිමීයා ඒකකයේ වෛද්‍යවරයෙකු ලෙස සිය වෘත්තිය ජිවිතය ආරම්භ කර තිබේ. ඔහු තැලසීමියා අංශය ගොඩ නැගීමට මහත් කැපවීමක් සිදු කල අයෙකි.

    තම පෞද්ගලික ජීවියට වඩා වෘත්තිය උතුම් කොට සැලකූ වෛද්‍ය අශෝක් පෙරේරා මහතා, පුත්තලම මූලික රෝහලේ දියණුවට ද මහත් කැපවීමෙන් ක්‍රියා කර තිබේ. දේහය දංකොටුව, දකුණ ගෝනවිල අංක 198 දරණ නිවසේ තැන්පත් කර ඇත. ඒ මහතා දරුවන් දෙදෙනෙකුගේ පියෙකි.

    අවසන් කටයතු ලබන 27 සවස 3.30 ට බෝලවලාන පොදු සුසාන භුමියේදී සිදු කෙරේ

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Latest News