පරිසරයට හානිකර ද්‍රව්‍ය ගෙන ඒමෙන් වළකින්න-සැදැහැවතුන්ගෙන් ඉල්ලීමක්

දෙසැ 25, 2018

    ශ්‍රී පාද වන්දනා සමයේ ඒ ආශ්‍රිත පරිසර කලාපය ආරක්‍ෂාකර ගැනීමට ආරම්භ කෙරුණු ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාවට නැංවේ.

    ශ්‍රී පාදස්ථානය වැඳ පුදා ගැනීමට පැමිණිමේදී පරිසරයට හානිකර ද්‍රව්‍ය රැගෙන ඒමෙන් වළකින ලෙස සියලු සැදැහැවතුන්ගෙන් ඉල්ලීමක් කෙරේ. ශ්‍රී පාද වන්දනාව සඳහා මෙවරත් අති විශාල පිරිසක් පැමිණෙමින් සිටිති.

    ශ්‍රී පාද පුදබිම සහ අවට පරිසරය ආරක්‍ෂා කර ගැනීම සඳහා වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා තිබේ. පොලිතින්, ප්ලාස්ටික් ඇතුළු ඝන අපද්‍රව්‍යවලින් තොරව පරිසර හිතකාමී ලෙස ශ්‍රී පාදස්ථානය වැඳපුදා ගැනීමට පැමිණෙන ලෙස ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමියෝ වන්දනාකරුවන්ගෙන් ඉල්ලා සිටිති.

    රාජ්‍ය, පෞද්ගලික හා ස්වේච්ජා සංවිධානවල එකමුතුවෙන් නල්ලතන්නියේ සිට ශ්‍රී පාද උඩමලුව දක්වා මාර්ගය දෙපස වන්දනාකරුවන් දැනුවත් කිරීමේ පුවරු සවිකර ඇති අතර, අපද්‍රව්‍ය බැහැර කිරීමට කසළ බඳුන් ද ස්ථාන ගතකර තිබේ.

    Adam peak px 900 18 12 25

     

    අප වාර්තාකරු පවසන්නේ වන්දනාකරුවන් අපද්‍රව්‍ය අදාළ ස්ථාන වෙතම බැහැර කරමින් දක්වන සහයෝගය නිසා කසළ ප්‍රතිචක්‍රීයකරණ වැඩසටහන සාර්ථකව ක්‍රියාවට නැංවෙන බවයි. දෛනිකව එක්රැස්වන කසළ නල්ලතන්නිය කසළ ප්‍රතිචක්‍රීයකරණ මධ්‍යස්ථානය වෙත රැගෙන යනු ලබයි.

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Latest News