විදෙස් තැපැල් සේවය ඇරඹීමටත් සූදානම්

මැයි 15, 2020

    විදෙස් තැපැල් ලිපි හා භාණ්ඩ තෝරාගත් ගමනාන්තයට ගුවන් හා මුහුදු මගින් රැගෙන යාමට පියවර ගෙ ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

    ඒ අනූව ශ්‍රී ලංකන් ගුවන් සේවය මැයි මස ක්‍රියාත්මක කිරීමට නියමිත ගමනාන්තයන් සඳහා ගුවන් තැපැල් සේවා ක්‍රියාත්ක කිරීමට නියමිතයි. මෙහිදී විදෙස් ගමනාන්තයන් වෙත තැපැල් භාණ්ඩ ප්‍රවාහනයේ දී ගුවන් ප්‍රවාහන පහසුකම් මෙන්ම පවත්නා තත්වයන් යටතේ ගමනාන්ත රට තැපැල් බෙදීම් කටයුතු සිදුකරන බව ද තහවුරු කරගැනීමෙන් පසු පමණක් තැපැල් භාණ්ඩ ගමනාන්තයන්ට යොමු කිරීමට සිදුවේ.
    එසේම පවත්නා තත්වය යටතේ ගුවන් ගමන් අවලංගුවීම්, සංශෝධනය වීමට, ප්‍රමාදවීමට ඉඩ ඇති බව ද ගුවන් සමාගම වැඩිදුරටත් දන්වා තිබේ.

    Latest News