ශ්‍රීලංගම බස් රථ මෙන්ම පෞද්ගලිකබස් රථ ද ධාවනයට (වීඩියෝ)

මැයි 13, 2020
  • රාජ්‍ය හා පෞද්ගලික අංශයේ කාර්යාලවලට පැමිණෙන මගීන් සඳහා පවාහන පහසුකම් ලබාදීමට බස් රථ හා දුම්රිය යොදා ගැනේ.

    මීට පෙර ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථ පමණක් ධාවනයට එක්කර තිබුණ ද අද සිට ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍ර දේශවල පෞද්ගලික අංශයේ බස් රථ ද ධාවනයට එක්කර තිබිණ.

    ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථ 3,500කට ආසන්න ප්‍රමාණයක් අද දිවයින පුරා ධාවනය සඳහා එක්කර තිබිණ. දහවල් කාලයේ දී බස් රථ ධාවනය කෙරුණ ද මගීන්ගේ පැමිණිමේ අඩුවක් දක්නට ලැබුණු බව, ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පවසයි.

    ඇඳිරි නීතිය ක්‍රියාත්මක දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ආසන ගණනට මගීන් ප්‍රවාහනයට අවසර ලබාදීමත් සමඟ පෞද්ගලික අංශයේ බස් රථ 2,400ක් පමණ අද ධාවනය කළ බව, බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසයි.

    බස් රථ මගීන් සඳහා මුව ආවරණ පැළඳීම අනිවාර්යයයි. විෂබීජ නාශක, සෑම බස් රථයකම තිබිය යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

    Last modified on බදාදා, 13 මැයි 2020 20:23

    Latest News