රාජ්‍ය හා පෞද්ගලික අංශයේ කාර්යාලවලට පැමිණෙන මගීන් සඳහා පවාහන පහසුකම් ලබාදීමට බස් රථ හා දුම්රිය යොදා ගැනේ.

කොළඹ නගරයේ සේවයට දුම්රියෙන් පැමිණිම සඳහා 2,800 දෙනෙකු ඉල්ලුම් කළ ද, ඉන් පැමිණ ඇත්තේ 997 දෙනෙකු පමණක් බව, මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය පවසයි.

දකුණු පළාතට පනවා තිබූ ඇඳිරිනීතිය ඉවත් කිරීමත් සමග ගාල්ල සිට ඉදුරුව දක්වා සමුද්‍ර දේවී කාර්යාල දුම්රිය ධාවනය කෙරිණ. බලපිටිය, අහුංගල්ල, කොස්ගොඩ දුම්රිය ස්ථානවල මගීන් නොසිටි අතර, ඉදුරුව දුම්රිය ස්ථානයෙන් මගීන් කිහිපදෙනෙකු බැස යන අයුරු දක්නට ලැබිණ.

Latest News