සමුද්‍ර දේවී අද ගාල්ල බලා

අප්‍රේ 20, 2020

    දකුණු පළාතට පනවා තිබූ ඇඳිරිනීතිය ඉවත් කිරීමත් සමග ගාල්ල සිට ඉදුරුව දක්වා සමුද්‍ර දේවී කාර්යාල දුම්රිය ධාවනය කෙරිණ. බලපිටිය, අහුංගල්ල, කොස්ගොඩ දුම්රිය ස්ථානවල මගීන් නොසිටි අතර, ඉදුරුව දුම්රිය ස්ථානයෙන් මගීන් කිහිපදෙනෙකු බැස යන අයුරු දක්නට ලැබිණ.

    අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් කාර්යාල සඳහා පිටත්ව ගියේ සීමිත පිරිසක්. බස් රථවලින් ගමන් කිරීම සඳහා ද සුළු පිරිසක් රැඳී සිටින ආකාරය ද දක්නට ලැබුණු බවයි, අප වාර්තාකරු පවසන්නේ.

    පොදු ප්‍රවාහන සේවා ආරම්භ වීමෙන් පසුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාව ප්‍රවාහන සේවා භාවිත කළේ කළ අයුරු දක්නට ලැබිණ.

    ඇඳිරිනීතිය ඉවත් කිරීමෙන් පසුව වවුනියාව දිස්ත්‍රික්කයේ ජනතාව ද පොදු ප්‍රවාහන සේවා භාවිත කරමින් සිට දෛනික කටයුතු ආරම්භ කළේය.

    මඩකලපුව දිස්ත්‍රික්කයේ ඇඳිරිනීතිය ඉවත් කිරීමෙන් පසුව රජය හා පෞද්ගලික ගමනාගමන සේවා යථා තත්වයට පත්ව ඇති බවයි, අප වාර්තාකරු සඳහන් කරන්නේ. එහෙත්, දුම්රිය සේවා ආරම්භ වී නොමැත.

    Last modified on සදුදා, 20 අප්‍රේල් 2020 12:01

    Latest News